බස්නාහිර සංචරණ තහනම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් (වීඩියෝ)

නොවැ 15, 2020
    1. බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් කර ඇති තහනම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.

     

  • කොළඹ දිස්ත්‍රික්කය.

  • මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12ට අමතරව පහත දැක්වෙන පොලිස් වසම් ද හුදකලා ප්‍රදේශ වශයෙන් හෙට (16) උදෑසන 5.00 සිට නම් කෙරේ. මරදාන පොලිස් වසම කොටුව පොලිස් වසම පිටකොටුව පොලිස් වසම කොම්පඤ්ඤවීදිය පොලිස් වසම ඩෑම් වීදීය (Dam Street) පොලිස් වසම

    1. ගම්පහ දිස්ත්‍රික්කය

    ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම්කර ඇති පොලිස් වසම් අතරින් පහත දැක්වෙන පොලිස් වසම් හැර ඉතිරි ප්‍රදේශයන් හුදකලා තත්වයෙන් මුදා හරිනු ලබන බව දැනුම් දේ.

    මීගමුව පොලිස් වසම ජා-ඇල පොලිස් වසම රාගම පොලිස් වසම කඩවත පොලිස් වසම තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන්
    වත්තල පොලිස් වසම පෑළියගොඩ පොලිස් වසම කැලණිය පොලිස් වසම - හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබේ.

    04.

    මේ වනවිට හුදකලා කර ඇති පහත දැක්වෙන පොලිස් වසම් හි හුදකලා තත්වය උදෑසන 5.00 සිට ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.

    කුරුණෑගල දිස්ත්‍රික්කය. කුරුණෑගල මහ නගර සභා සීමාව කුලියාපිටිය පොලිස් වසම

    කලුතර දිස්ත්‍රික්කය හොරණ පොලිස් වසම ඉංගිරිය පොලිස් වසම වෑකඩ බටහිර ග්‍රාම නිලධාරි වසම

    කෑගල්ල දිස්ත්‍රික්කය රුවන්වැල්ල පොලිස් වසම මාවනැල්ල පොලිස් වසම

    Last modified on ඉරිදා, 15 නොවැම්බර් 2020 20:13

    Latest News