වැලිකඩ රිමාන්ඩ් රැඳවියන්ටත් කොවිඩ්

නොවැ 13, 2020

    වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොවිඩ්-19 වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    මේ අනුව කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත රැඳවියන් සංඛ්‍යාව 172ක්. මේ අතර, සියළු බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ සිදුකිරීම සහ කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සිදු කෙරෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ ආශ්‍රිතයින්ගේ සහ විවිධ කේෂත්‍රවල රැකියාවල නිරත පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැණින. ඒ්, බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින්. පුද්ගලයින් 100කගේ නියැදි ලබාගැණින.

    වත්තල, පල්ලිය පටුමඟ ප්‍රදේශයේ PCR පරීක්ෂණ සඳහා අද නියැදි ලබා ගැණින. මෙහිදී 800කගේ පමණ නියැදි ලබාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මින් පෙර ඒම ප්‍ර දේශයෙන් කොවිඩ්-19 රෝගීන් දස දෙනෙකු හඳුනා ගැණින.

    අඟුලාන "සයුරුපුර" නිවාස සංකීර්ණයේ අහඹු ලෙස තෝරාගත් ධීවර ප්‍රජාවගෙන් සහ කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සඳහා නියැදි ලබාගැනීම අද සිදු කෙරිණ. මෙහිදී 250කගේ නියැදි ලබාගෙන තිබේ.

    Last modified on සිකුරාදා, 13 නොවැම්බර් 2020 20:35

    Latest News