23 වැනි කොවිඩ් මරණයත් වාර්තා වේ

නොවැ 03, 2020

    ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 23 වැනි කොවිඩ් -19 මරණය අද (03) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

    අද දින තුළ කොරෝනා අසාදිතයින් 272ක් වාර්තා විය.

    මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    නිරෝධායන මධ්‍යස්ථානවලින් 03 කු හා ආශ්‍රිතයින් අතරින් 269 කු වාර්තා වී ඇත.

    මේ දක්වා වාර්තා වී තිබු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7857 ක් වන අතර, අද වාර්තාවු මෙම 272 ක සමඟ සමස්ථ අසාදිත සංඛ්‍යාව 8129 කි.

    මේ අතර, කොරෝනා වයිරසයට අසාදිත ආශ්‍රිතයින් 63,663 ක් නිවෙස්තුළ ස්වයං නිරෝධායනය යොමු කර ඇතැයි, කොවිඩ් - 19 පැතිරවීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.

    යුද හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුළ 1,082 ක් නිරෝධායනය වෙමින් සිටින අතර අද(03) වනවිට මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 62,932 කි.

    Latest News