පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය තාවකාලිකව වසා දමයි

ඔක් 21, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තීරණය කරයි.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය තුල විශාල පිරිසක් ගැවසෙන බැවින් එය විෂබීජහරනය කිරීම සදහා දින කිහිපයකට වසා දැමීමට අදාල නිළධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

    ඉදිරි දින කිහිපය තුල මත්ස්‍ය වෙළද සංකීර්ණය විෂබීජහරණය කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව නැවත පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය විවෘත කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පවසයි.

    Latest News