කොටිකාවත්ත, මුල්ලේරියාව, වැල්ලම්පිටිය; කොරෝනා රෝගීන් 06ක්

ඔක් 21, 2020

    කොටිකාවත්ත, මුල්ලේරියාව, වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් කොරෝනා රෝගීන් 06ක් හමුවී තිබේ.

    ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය වෙළඳාම්වල යෙදුණු අය බව සෞඛ්‍ය නිලධාරීන් විසින් තහවුරු කර ඇත. ඔවුන් රෝහල් ගත කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ. රෝගීන් හතර දෙනකු වාර්තා වූ වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා දමමින් සංචරණ සීමා පැනවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ආරක්ෂක අංශ එක්ව අද (21) පස්වරුවේ කටයුතු කළේය.

    වැල්ලම්පිටිය ප්‍රදේශයේ හා ගොතටුව බල ප්‍රදේශවලින් හමු වූ රෝගීන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශයේ 124 දෙනෙකු නිරෝධායනය කර තිබෙන බව වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පැවසීය.

    Latest News