ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු අද

ඔක් 01, 2020

    අභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.

    ඒ, මොරටුව මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදීයි.

    පස්වරු 2.00 දක්වා මොරටුව, විල්ලෝරාවත්තේ පිහිටි නිවසේදී දේහයට මහජන ගෞරව දැක්විය හැකියි.

    ප්‍රහසන රංග කලාවට නැවුම් ආරක් එක් කරමින්, ලාංකීය ජන මනස සිනහවෙන් පිරවූ ටෙනිසන් කුරේ මහතා පසුගිය සඳුදා අභාවප්‍රාප්ත වූයේ කොළඹ ජාතික රෝහලේදීයි.

    මියයන විට 68 වන වියෙහි පසුවූ ඔහු, සිනමා පට 150 කට පමණ රංගන දායකත්යවය ලබාදී තිබේ.

    රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ටෙනිසන් කුරේ මහතා ඉතිරි කර ගිය කලා නිර්මාණ සමුදාය මෙන්ම ඒ අපූර්ව සිනහව ලාංකිකයින්ගේ හදවත් තුළ සදා රැඳී පවතිනු ඇති.

    Latest News