සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බස් රථ අත්අඩංගුවට

සැප් 14, 2020

    විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු  වන නලීන් චතුරංග හෙවත් “අතුරුගිරියේ ලඩියා“ නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයක් පමණ වටිනා බස් රථ තුනක් අතුරුගිරිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    අතුරුගිරිය ජනන්ති මාවත ප්‍රදේශයේදී ලඩියා නමැත්තාගේ සහයකයෙකු අත්අඩංගුවට ගෙන ඔහු සතු බස් රථයක ලිපි ලේඛන පරීක්‍ෂා කිරීමේ දී එහි හිමිකාරිත්වය නලීන් චතුරංග නමැත්තාගේ බවට තහවුරු වී තිබේ. බස් රථ සමඟ ඔහුගේ ඥාතියෙකු සහ සහයකයින් 2ක් අත්අඩංගුවට ගැණින.

    විමර්ශනයේදී හෙළි වී ඇත්තේ බස් රථවල ආදායම නලීන් චතුරංග නොහොත් ලඩියා නමැත්තාගේ බිරිඳගේ බැංකු ගිණුමට බැරවී ඇති බවයි.  මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවීමෙන් හා ප්‍රදේශයේ කප්පම් ලබා ගැනීම්වලින් ඉපයූ මුදලින් බස් රථ මිලදී ගෙන ඇති බව පොලිසිය පවසයි.

    Latest News