පූජිත්ගේ පෙත්සම සළකා බැලීම ජනවාරි 27 දක්වා කල්යයි

සැප් 10, 2020

    තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ඒවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම ජනවාරි මස 27 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්‌ ලෙස නම්කර සිටින ඇතැම් පාර්ශ්වයන් මේ වනවිට වෙනස් වී ඇති හෙයින් ඒ සඳහා නව ආදේශ සිදුකළ යුතු බව අධිකරණය මෙහිදී පෙත්සම්කරුවන්ට පෙන්වා දුන්නා.

    තම සේවාදායකයා අනිවාර්ය නිවාඩු යැවීම හා වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමේ තීරණය අත්හිටුවන ලෙසට පෙත්සම්වලින් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වීමට අපේක්ෂා කරන්නේ නැති බවයි පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ.

    Latest News