සතිඅන්තයට සීමා වූ දුම්රියක් දිනපතා ධාවනයට

සැප් 10, 2020

    දැනට සතිඅන්තයේදී පමණක් ධාවනය වන ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලබන 12 වැනිදා සිට දිනපතා ධාවනයට එක්කිරීමට තීරණය කර තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 29 වනදා සිට සෑම සති අන්තයකදීම ධාවනයට එක් කළ බවයි.

    ඒ අනුව එම දුම්රිය හෙට දින සිට දිනපතා ධාවනයට එක්කිරීමට නියමිතයි.

    Latest News