ව්‍යවස්ථා සංශෝධන ගැන විපක්‍ෂයේ අසත්‍ය ප්‍රකාශවලට ජනතාව නිසි දඬුවම් දෙයි; අමාත්‍ය කෙහෙළිය (වීඩියෝ)

අගෝ 27, 2020
  • 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා දී ඇතැයි රජය පවසයි.

    ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්‍ෂය ගෙන යන අසත්‍ය ප්‍රකාශවලට ඉදිරියේදී ජනතාව නිසි දඬුවම් ලබාදෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා... “තුන්වන වතාවටත් විපක්‍ෂය අසාර්ථක වෑයමක යෙදෙනවා. මොකද ජනතාවට අපේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන ප්‍රධාන කරුණක් තමයි 19 වැනි සංශෝධනය.

    ඒකට මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට මේ ක්‍රමය යටතේ තුනෙන් දෙකක බලයක් ලබාදීලා තියෙනවා“ යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 අගෝස්තු 2020 20:20

    Latest News