බඩඉරිඟු වගාවකට සේනා දළඹුවාගෙන් දැඩි හානි

අගෝ 14, 2020

    පස්සර, ලුණුගල, මැටිගහතැන්න ගම්මානයේ අක්කර 40ක පමණ බඩඉරිඟු වගාවකට සේනා දළඹුවාගෙන් දැඩි හානි සිදුව ඇති බව වාර්තාවේ.

    ප්‍රදේශවාසීන් පවසන්නේ කුරක්කන් වගාවට ද දළඹු උවදුර පැතිර යමින් පවතින බවයි. ඇල මාර්ග විනාශවීම නිසා එළවළු වගා කළ නොහැකි බැවින් අතිරේක බෝග වගාවක් ලෙස කුඹුරු ඉඩම්වල මෙවර බඩඉරිඟු වගා කළ බව ගොවීන් පවසයි.

    වගාවට සිදුවන දළඹු උවදුර පිළිබඳව ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කළ ද ඔවුන් ක්‍ෂේත්‍ර පරීක්‍ෂාවකට පවා නොපැමිණි බවට ගම්වාසීන් චෝදනා කරයි. වගාවන් විනාශ වීම නිසා ගොවි පවුල් 40ක් පමණ දැඩි අසරණ තත්වයකට පත්ව ඇතැයි අප වාර්තාකරු පවසයි. සිය වගාවන් දළඹු හානියෙන් බේරා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ගම්වාසීන් කෘෂි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News