ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

අගෝ 09, 2020

    සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 28 වන ගුණ සැමරේ.

    ඒ අනුරාධපුර පිහිටි කොබ්බෑකඩුව මහතාගේ ස්මාරකය අභියසදී. 1992 වර්ෂයේ අගෝස්තු 08 වැනි දින යාපනය අරාලිතුඩුවේ දී බිම් බෝම්බයකට හසුවීමෙන් ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් ජිවිතක්‍ෂයට පත්වූහ. ගුණ සැමරුම් උත්සවය පැවැත්වුණේ, අනුරාධපුර ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. පුෂ්පෝපහාර පුද කිරීමට හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

    ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සිහිපත් කරමින් දානමය පිංකමක් මොරන්තුඩුව, ගෝනදූව උත්තර චෛත්‍යරාම විහාරස්ථානයේදී පැවැත්විණ. ඒ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන්. කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලිලී කොබ්බෑකඩුව මහත්මිය සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද ඊට එක්ව සිටියහ.

    Latest News