කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,576ක්

අගෝ 09, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,576ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 254 දෙනෙකු පමණි. කොවිඩ්-19 රෝගය වැළඳුණු 2ක් පමණක් ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන් සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින්. කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 2,576ක්. එම ප්‍රතිශතය 90.67ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 254 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 8.94ක්.

    රෝගය වැළඳුණු 604 දෙනෙකු කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැණින. ඔවුන්ගෙන් 409 දෙනෙකුම මේ වනවිට සුවය ලබා අවසන්. එම ප්‍රතිශතය 67.71ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 195ක් පමණි. ප්‍රතිශතයක් ලෙස එය 32.28ක්. මේ වනවිට මෙරට තුළ සිදු කරනු ලැබූ සමස්ත පීසීආර් සංඛ්‍යාව එක් ලක්‍ෂ 71,169 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ සිදු කරනු ලැබූ පී.සීආර්. පරීක්‍ෂණ 1,343ත් සමඟින්.

    තාවකාලිකව නවත්වා තිබූ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යළිත් ඊයේ දිනයේදී ආරම්භ විය. ඒ අනුව, අද උදේ ඩුබායි සහ දෝහා සිට මෙරටට ගුවන් යානා දෙකක් පැමිණියේය. ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ 418ක් පැමිණි අතර, දෝහා සිට පැමිණි සංඛ්‍යාව 35ක්. සියලු දෙනාම ගුවන් තොටුපොළේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුව, නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    Latest News