පාසල් හෙට (10) සිට පියවර කිහිපයකින් ඇරඹේ (වීඩියෝ)

අගෝ 09, 2020
  • කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට පියවර කිහිපයක් යටතේ නැවත ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ, සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති නිර්දේශවලට අනුකූලවයි. සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගනිමින් තීරණය කිරීමට උපදෙස් දී තිබේ.

    කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට ආරම්භ කෙරෙන්නේ, සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලවයි. අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ, ඒ සඳහා සියලු පාසල් විෂබීෂානුහරණය කරමින් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරි සඳහා බොහෝ ගුරුභවතුන් යොදා ගැනීමත් හේතුවෙන් අගෝස්තු 04 වැනි අඟහරුවාදා සිට අගෝස්තු මස 07 වැනිදා තෙක් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබිණ. පියවර කිහිපයක් යටතේ හෙට සිට සියළුම ශ්‍රේණි යළි ආරම්භ වේ.

    Last modified on ඉරිදා, 09 අගෝස්තු 2020 18:28

    Latest News