මත්තලින් ප්‍රථම භාණ්ඩ තොගය අමෙරිකාවට

අගෝ 09, 2020

    මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ප්‍රථම වරට භාණ්ඩ තොගයක් අපනයනය කිරීම අද සිදු කෙරේ.

    භාණ්ඩ තොගය රැගත් ගුවන්යානය අද පස්වරුවේ අමෙරිකාව බලා පිටත්වීමට නියමිතයි. දේශීය නිෂ්පාදන ටොන් 28ක් රැගෙන අදාළ ගුවන් යානය මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්වෙනු ඇත. අද පස්වරුවේ ඩුබායි සිට මගීන් 400ක් රැගෙන පැමිණෙන එමිරේට්ස් වර්ගයේ ගුවන් යානයකින් එම භාණ්ඩ තොගය අමෙරිකාව බලා ප්‍රවාහනය කිරීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ ඇසුරුම් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරේ.

    Latest News