ඌරුජුවාගේ සමීපතමයෙකු අත්අඩංගුවට

ජූලි 17, 2020

    දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරුජුවා නමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    මුල්ලේරියාව ගොඩඋඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී වැටලීම සිදු කෙරිණ. මෙම සැකකරු ඉකුත් 14 වැනිදා හිඹුටාන ප්‍රදේශයේ සිදුවූ ත්‍රීරෝද රථයක් මංකොල්ලකෑමේ සිද්ධියට අවශ්‍ය සැකකරුවෙක්. තවද, ඔහු 2018 හා 2019 වර්ෂවල හංවැල්ල පොලිස් වසමේ සිදුවූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බව පොලිසිය පවසයි. එමෙන්ම, 2015 වසරේ පාදුක්ක පොලිස් වසමේ ඉන්ධන පිරවුම්හලක් මංකොල්ල කෑම, කඩුවෙල ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සැලකට අනර්ථයක් සිදු කිරීම යන සිදුවීම්වලට ද සම්බන්ධ සැකකරුවෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

     

    Last modified on සිකුරාදා, 17 ජූලි 2020 19:42

    Latest News