කොවිඩ් -19 ආසාදිතයින් 8දෙනෙකු හඳුනාගැනේ

ජූලි 16, 2020

    කොවිඩ් - 19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් 8දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,682 දක්වා ඉහළ යනු ඇති.

    එම ආසාදිතයින් 8දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ 664දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, 2007 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

    Latest News