නාමයෝජනා භාරදුන් කිසිඳු අපේක්ෂකයෙකුට ඉල්ලා අස්විය නොහැකි අතර තරගයෙන් ඉවත්වුවද, වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහය දැක්වීමෙන් ඔවුන් වැළකී සිටිය යුතුයි.
මැතිවරණ තරගයෙන් ඉවත්වන බව ප්‍රකාශ කරන අපේක්ෂකයෙකුට ස්වකීය අදහස් දැක්වීමේ අයිතිය ඇති නමුත්, එවැනි ප්‍රකාශ මාධ්‍ය හරහා ප්‍රමුඛතාව ලබාදෙමින් ප්‍රචාරය කිරීමෙන් එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට අයුතු වාසියක් සහ තවත් පක්ෂයකට අගතියක් වන බවයි, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
ඇතැම් අපේක්ෂකයින් විසින් සිය සහායකයින් දේශපාලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කර, ඡන්ද විමසීම ආසන්නයේ ඔවුන් ඉන් ඉවත්කර ගෙන සිය අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සඳහා ප්‍රකාශ නිකුත් කරවා ගැනීමේ උත්සහයන් ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.