එජාපය දරුවන්ගේ අනාගතය සරු කළ පක්ෂයක් - රවී

ජන 02, 2019

    වානිජකරණය නිසා සමාජයේ ව්‍යාප්ත වෙලා තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්න කඩිනමින් ක්‍රියාත්මක වියයුතුයි ඇමති රවිකරුණානායක පවසයි.

    එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපනයේ වටිනාකම දැන ආයෝජනය කර, දරුවන්ගේ අනාගතය සරුසාර කරන්න වැඩපිළිවෙලක් සකස් කරපු පක්ෂයක් බවත් ඔහු කියා සිටි. 

    නිදහස් අධ්‍යාපනය ලබාදුන්නා. ජේ. ආර්. ජයවර්ධන මහතා පාසල් දරුවන්ට ඇදුම්, පොත්පත් ලබාදුන්නා. රණසිංහ ප්‍රේමදාස මහතා ඒකට ආහාර වේලක්, කිරි වීදුරුවක් එකතු කළා. රනිල් වික්‍රමසිංහ මහතා සහ මම එකතුවෙලා පාසල් දරුවන්ට රක්ෂණ ක්‍රමයක් ආරම්භ කළා. ඒ වගේම නවීකරණය කරලා ටැබ් සහ පරිගනක ලබා දුන්නා යැයිද, අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

    ඒ මහතා මෙම අදහස් පලකළේ, ඊයේ (01) පස්වරුවේ බ්ලූමැන්ඩල් සිංහල පාසලේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින්. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුදැරියන් 1000කට පමණ  අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ලබාදීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    මම සැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ ලැබෙන දේවල් නිකන් කියලා, අඩු තක්සේරුවක් නොකර, ඒ ලබාදුන් දේවල් වලින් නිසි ප්‍රයෝජන ගන්න කියලයි. අපි ලබන අධ්‍යාපනය විතරයි කවදාකවත්, කාටවත්ම හොරෙන් හෝ බලහත්කාරයෙන් ගන්න බැරි එකම දේ. ඒක සදාකල්ම තමා ලග තිබෙන දෙයක්. ඒ නිසයි අපි අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කල යුත්තේ. එදා ලලිත් ඇතුලත්මුදලි මහපොළ සංකල්පය ඇති කළෙත්, අපේ මේ අහිංසක දරුවන් වෙනුවෙන්.  හැකියාව තිබෙන, ආර්ථික ශක්තියක් නොමැති දරුවන්ට ආර්ථික ශක්තියක් ඇති කිරිම අප සතු කාර්යභාරයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එදා ඉදන් අධ්‍යාපනයේ වටිනාකම දැනගන, ඒ වෙනුවෙන් ආයෝජනය කරලා, දරුවන්ගේ අනාගතය සරුසාර කරන්න ක්‍රයා කළ  පක්ෂයක්" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පලකළේ, ඊයේ (01) පස්වරුවේ බ්ලූමැන්ඩල් සිංහල පාසලේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුදැරියන් 1000කට පමණ  අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ලබාදීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

    "අපි මාස 03 ක කාලයක් තුල ඉතාමත් අදුරු යුගයක් පසුකළේ.  ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් යටපත් වුණා. ඒත් අපේ ජනතාව බය නැතිව ඒකරාශී වෙලා,  ඒ යටපත් වු ප්‍රජාතන්තුවාදී අයිතීන් සුරක්ෂිත කරගනිමින්, ස්වාධීන අධිකරණය තුලින් ඒ ව්‍යසනය ජයග්‍රහණය කිරීම අපිට ලොකු ආශිර්වාදයක්. නිදහස් අධ්‍යාපනය තුළින් ලැබූ දැනුවත්කම නිසා තමයි ජනතාව ඒකරාශි වෙලා ඒ සටන දියත් කළේ. අධ්‍යාපනය වගේම දරුවාගේ මානසික සහ සමාජයීය මට්ටම යහපත් කළ යුතුයි. සමාජය වානිජකරණය වීම තුළින් අද සමාජයේ මත්ද්‍රව්‍ය උවදුර විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා. අපි ඒ ගැන විශේෂ අවධානයක් දක්වමින් අපේ දරුවන් ඉන් මුදා ගැනීමට ක්‍රියා කළ යුතුයි යැයි පැවසීය.

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 19:33

    Latest News