මෙරට දෙවැනි තාක්‍ෂණ පීඨය සිසු අයිතියට (වීඩියෝ)

ජූනි 10, 2020
  • හෝමාගම, පිටිපන තාක්‍ෂණ උද්‍යානයේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ දෙවැනි තාක්‍ෂණ පීඨය අද (10) සිසු අයිතියට පත් කෙරිණ.

    ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ස්ථාපනය කෙරුණු දෙවැනි තාක්‍ෂණ පීඨය මෙයයි. නව සියවසේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් තාක්‍ෂණ උපාධිධාරීන් ජාතික හා ජාත්‍යන්තර තලයට බිහිකිරීම මෙහි අරමුණයි. ඊට වැය කෙරුණු මුදල රුපියල් බිලියන 03ක්. නවීන දේශන ශාලා, පුස්තකාල, පර්යේෂණාගාර, සන්නිවේදන හා පරිගණක පහසුකම් ඇතුළු පහසුකම් රැසකින් මෙය සමන්විතයි. සිසුන් 575 දෙනෙකු මේ වනවිට මෙහි අධ්‍යාපනය හදාරයි.

    උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 10 ජූනි 2020 20:05

    Latest News