ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලිහිසි තෙල්

ජූනි 07, 2020

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රථම වතාවට ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසිතෙල් භාවිතය කිලෝලීටර් 65000 ඉක්මවයි.

    එහෙත් රටට අවශ්‍ය ලිහිසි තෙල් ආනයනය කිරීම නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ දක්වා විදේශයන් කරා ඇදී ගියේය.

    ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් මුලික කටයුතු ආරම්භ කර තිබුනත් විවිධ හේතුන් මත එම නිෂ්පාදන කටයුතු ආරම්භ වී නොතිබිනි.

    මේ සම්බන්ධව විදුලිබල හා බලශක්ති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ මැදිහත් වීම මත, මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉදි කරන ලද අති නවීන යන්ත්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

    මෙම අති නවීන උපාංග සහිත යන්ත්‍රාගාරයේ වාර්ෂික ලිහිසි තෙල් නිෂ්පාදන ධාරිතාවය කිලෝ ලීටර් මිලියන 33කි.

    Latest News