මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක්

ජූනි 01, 2020

    මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී තිබීමත් රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් නිසා මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවධානමක් පවතී.

    එමෙන්ම මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය රෝගය තවදුරටත් ව්‍යාප්තවිමට හේතු වන බැවින් ජනතාව මී උණ රෝගය කෙරෙහි අවධානයෙන් සිටිම ඉතා වැදගත්.

    මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් සෑදෙන රෝගයකි.

    මීයන්, ඌරු මීයන්, මීගවයන්, ගවයන් වැනි සතුන්ට මෙම බැක්ටීරියා ආසාදනය ඇති විය හැකි අතර, එම සතුන්ගේ වකුගඩු ආශ්‍රිතව ජීවත් වන එම බැක්ටීරියාව මූත්‍රා සමග පරිසරයට නිදහස් වෙයි.

    ජලයේ රැදී සිටින බැක්ටීරියාව ශරීරයේ කැපුම්, සිරීම් තුවාල සහ ඇස්, කට වැනි සියුම් ශ්ලේෂ්මල පටල ඇති ස්ථානවල ගැටීමෙන් පුද්ගලයින්ගේ ශරීර තුලට ඇතුළු වෙයි.

    මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ හදිසියේ ඇතිවන තද උණ හා මස්පිඩුවල විශේෂයෙන්ම බත්කෙණ්ඩ හා කොන්දේ තදබල වේදනාවයි.

    මෙයට අමතරව ඇස් රතුපැහැවීම, වමනය, හිසරදය, මූත්‍රා තද පැහැයක් ගැනීම හා මුත්‍රා පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණ ද විය හැක.

    Latest News