තොණ්ඩමාන් මහතාගේ දේහය, රම්බොඩ නිවසට

මැයි 29, 2020

    අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහය, කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසට අද දහවල් රැගෙන එනු ලැබීය.

    දේහය, මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබේ.

    අභාවප්‍රාප්ත අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහය කොල්ලුපිටියේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාල පරිශ්‍රයේ ඊයේ තැන්පත් කර තිබිණ. අනතුරුව එය අද උදේ හෙලිකොප්ටර් යානාවකින් ගම්පොළ, මීගුලවත්ත ක්‍රීඩාංගනය දක්වා රැගෙන ගිය අතර, එතැන් සිට ජනතා ගෞරව මැද කොත්මලේ පිහිටි ඒ මහතාගේ නිවෙසට රැගෙන එනු ලැබීය.

    අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද දහවල් තොක්මලේ රම්බොඩ, වැවන්ටත් වන්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත දේහය රැගෙන ඒමත් සමඟ අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි.

    වැවන්ටත් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කළ දේහය හෙට රම්බොඩ සිට නුවරඑළිය නගරය හරහා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය වෙත මහජන ගෞරවය සඳහා රැගෙන යාමට නියමිතයි. ලබන 31 දක්වා දේහය එහි තැන්පත් කර තැබෙනු ඇත. එදින සවස හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Latest News