හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

මැයි 11, 2020
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්, අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    ඒ, 2016 වසරේ සිට එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මැති ඇමතිවරුන් 19 දෙනෙකුට විරුද්ධව ගොනුකළ පැමිණිළි සම්බන්ධයෙන්.

     

    එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා...

    “ජනතාව අපෙන් අහනවා කෝ හොරු ඇල්ලුවද, මහ බැංකු හොරුන්ට මොකද කළේ, ඒ අය සමඟ අපි දැන් ඩීල් ගහලද කියලා තමයි ජනතාව අපෙන් අහන්නේ. ජනාධිපතිතුමාටවත්, අපිටවත් නඩු පවරන්න බලය නැහැ. නඩු පැවරීම ස්වාධීන කරලා තියෙන්නේ, ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කළ නීතිපතිතුමාටත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමාටත් තමයි නඩු පැවරීමේ බලය තියෙන්නේ.

    ඒ සඳහා තමයි අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමා හමුවෙලා මීට වසර හතරකට කලින් අපි ඉදිරිපත් කළ පැමිණිල්ලට මොකද වුණේ කියලා අපි ඇහුවේ“ යැයි උදය ගම්මන්පිල මහතා පැවසීය.

    Last modified on සදුදා, 11 මැයි 2020 20:22

    Latest News