Covid - 19 වෛරසය හේතුවෙන් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් මෙය තීරණ කර තිබේ.
ඒ අනුව, හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ (On - line) ක්‍රමවේදය මගින් අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කොට ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සදහන් කරයි.