වැලිමඩ රියදුරු ගැටුමෙන් අයෙක් මරුට

දෙසැ 19, 2018

    වැලිමඩ බස් නැවතුම්පලේ ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනෙකු අද පස්වරුවේ වේලාසටහන් පත් ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් අයෙකු මියගොස් තිබේ.


    මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාමිණි වසන්ත කුමාර නමැති ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49 අයෙක්. පහරදීමට තවත් ලංගම බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තර වරයෙකු සහය වී ඇති බැවින්, ඔවුන් ද පොලිසිය විසින් අත් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් හෙට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 19 දෙසැම්බර් 2018 19:14

    Latest News