යහපාලනයෙන් මහනුවරට වායු පසුවිපරම් ඒකකයක්

දෙසැ 19, 2018

    මහනුවර ඉදි කෙරෙමින් පවතින වායු පසුවිපරම් ඒකකය ඉදිරි මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි. 

    මධ්‍යම පරිසර අධිකාරියේ මූල්‍යමය දායකත්වය මත මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ ඉදි කෙරෙමින් පවතින වායු පසුවිපරම් ඒකකයේ ප්‍රගතිය සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

    ලංකාවේ වායු දූෂණය සම්බන්ධයෙන් කතා කරන විට වැඩිම වායු දූෂණයක් පවතින දිස්ත්‍රික්කය ලෙස සදහන් වන්නේ මහනුවරයි. එම නිසා වායු දූෂණය සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත ලබා ගැනීමේ සහ ඊට අවශ්‍ය ඉදිරි සැලසුම් සකස් කිරීමේ අරමුණින් මෙම වායු පසුවිපරම් ඒකකය ස්ථාපිත කර ඇති අතර, ඒ සදහා පරිසර අධිකාරිය මගින් වෙන් කොට ඇති මුදල මිලියන පහමාරකි. ඊට අවශ්‍ය භූමිය මහනුවර මහ නගර සභාව මගින් ලබා දී තිබේ.

    මෙම වායු පසුවිපරම් ඒකකය පිහිටුවීමෙන් පසු වායු දූෂණය සම්බන්ධ තාක්ෂණික දත්ත ලබා ගත හැකි බැවින් වායු දූෂණය අවම කර ගැනීමේ ඉදිරි ව්‍යාපෘති සකස් කිරීමේදී ඒවා ප්‍රයෝජනයට ගත හැකි බව පෙන්වා දුන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙවැනි තවත් වායු පසුවිපරම් ඒකකයක් කොළඹ බත්තරමුල්ලේ පිහිටුවන බවද පැවසීය.

    නිරීක්ෂණ චාරිකාව සදහා මහනුවර මහ නගර සභාවේ නාගිරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ. වැලිකන්නගේ මහතාද සහභාගි විය.

     

     

     

     

     

     

    Latest News