ගුවන් විදුලි සංස්ථාවෙන් අධ්‍යාපන වැඩසටහන්‌ මාලාවක්‌

මාර් 16, 2020

    පාසල්‌ සිසුන්‌ වෙනුවෙන්‌ අධ්‍යාපන වැඩසටහන්‌ මාලාවක්‌ විකාශය කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පියවර ගනී.

    ඒ, පාසල්‌ දරුවන්ට පූර්ව ලෙස පාසල්‌ නිවාඩු ලබාදීම හේතුවෙනි. සියලු පාසල්‌ සිසුන්ට සම්බන්ධ විය හැකි ආකාරයට වැඩසටහන්‌ මාලාව ඉදිරපත්‌ කෙරේ. විෂය කරුණු සහ ඊට අදාල ප්‍රශ්නෝත්තර ඉලක්ක කර ගනිමින්‌ වැඩසටහන්‌ විකාශය කෙරෙන බව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නිවේදනය කරයි.

    ඒ අනුව CITY fm, ස්වදේශීය සේවය, වෙළඳ සේවය, තෙන්ඩ්‍රල්‌ නාලිකාව, දෙමළ ස්වදේශීය සේවය, රේඩියෝ ශ්‍රී ලංකා යන නාලිකා ඔස්සේ වැඩසටහන්‌ ප්‍රචාරය කෙරේ. මීට අමතරව සංගීත විෂය පිලිබඳව අධ්‍යාපන වැඩසටහන්‌ මාලාවක්‌ ද විකාශය කිරීමට සැලසුම්‌ කර තිබේ.

     

    පහත සඳහන් ආකාරයට මෙම වැඩසටහන් මාලාව විකාශය කිරීමට සැලසුම් කර ඇත.

    ddddd.jpg

    Latest News