පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක්

මාර් 06, 2020

    පෙර පාසල් සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අධ්‍යාපන ප්‍රතිසංවිධානය පිළිබඳ කාර්ය බලකායේ ප්‍රධානී ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කළේ, එම ප්‍රතිපත්තිය මහජන අදහස් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට යොමු කර ඇති බවයි.

    ඒ පිළිබඳ යෝජනා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හෝ අධ්‍යාපන ප්‍රතිසංවිධානය පිළිබඳ කාර්ය බලකායට යොමු කළ හැකි බව ඔහු සඳහන් කළේය.

    ආචාර්ය උපාලි සේදර මහතා පැවසුවේ, ඉන් පෙර පාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත කෙරෙන බවයි.

    පෙර පාසල්වල ඉගැන්විය යුතු කරුණු සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් අත්පොතක් නිකුත් කිරීමට නියමිත බව ද ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කළේය.

    Latest News