තණමල්විල බෝධාගමට රාත්‍රියේ පැමිණි කිඹුල් ප්‍රශ්නය (වීඩියෝ)

පෙබ 05, 2020
  • රාත්‍රී ගමට පැමිණි කිඹුලා ඇල්ලීමට වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නත්, එය නොසලකා හැරීමේ පුවතක් බෝධාගමින් වාර්තාවේ.

    තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධාගම ගම්මානයට ඊයේ(04) රාත්‍රි විශාල කිඹුලෙක් පැමිණ තිබේ. මෙම කිඹුලා දුටු ගම්වාසීන් බියට පත්වී සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් වෙත දැනුම් දීමක් කර ඇත. ගම්වාසීන් පවසන්නේ ඊට පිළිතුරු ලෙස වනජීවි නිලධාරීන් පැවසූවේ එම කිඹුලා අසළ ඇති වැවකට එලවා දමන ලෙසයි.

    ඉන්පසු එම කිඹුලා අල්ලා ගැනීම සඳහා ගම්වාසීන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇති නමුත් කිඹුලා අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

    මේ සිදුවීම පිළිබඳව ගම්වාසීන් පවසන්නේ, වනජීවි නිලධාරීන් එලෙස ප්‍රකාශ කිරීම ඉතා හාස්‍යජනක කරුණක් බවයි. එමෙන්ම, කිඹුලා ගම්මානයේ වැවකට එළවා දමන සෑම අවස්ථාවකම එම කිඹුලා නැවත ගම්මානයට පැමිණෙන බව එම ගම්වාසීහු වැඩිදුරටත් පවසති.

    එම කිඹුලා ගම්මානයේ රැඳී සිටීම තම ජීවිතවලට තර්ජනයක් බව පවසන ප්‍රදේශයේ ජනතාව කිඹුලා අල්ලා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන ලෙස  බලධාරින්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

    Latest News