යළි පුරන් කුඹුරු අස්වැද්දීමට අවධානය (වීඩියෝ)

ජන 06, 2020
  • අප එදා සිටම කෘෂිකාර්මික රටක්. එය අප සතු මහඟු වත්කම විය.

    එහෙත් කාලයාගේ ඇවෑමෙන් මේ සම්පත විවිධ හේතූන් නිසා අප-අපම අහිමි කරගත්තේය. යළි අප රට සහලෙන් ස්වයංපෝෂිත කිරීමට දිරිය මිනිසුන් සූදානම් වේ. ගුණාත්මක බවින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට හැකි කෘෂි ආර්ථිකයක් ගොඩ නැගීම රජයේ කෘෂි ප්‍රතිපත්තියයි. ඒ වෙනුවෙන් වී වගා කළ හැකි සෑම මෙරට සෑම දිස්ත්‍රික්කයකම වී වගා කෙරේ. එහෙත් පසුගිය කාලයේ ඇති වූ විවිධ හේතු නිසා කෙත්වතු රැසක් පුරන්විය. ඒ, පාරම්පරික දැනුම නොමැතිවීම, වී වගාව තරුණ පරපුර අතර ජනප්‍රිය නොවීම, දිගුකාලීනව කෘතිම පොහොර සහ පලිබෝධ නාශක භාවිතය, පස නිසරුවීම, වී අලෙවි කර ගැනීමේ දුෂ්කරතා එම ගැටලු අතරවේ.

    අද යල මහ දෙකන්නයේ වගා කිරීමට වැසි ලැබීමත් අස්වනු සඳහා නිසි මිලක් ලැබීමත් ආදී කරුණු නිසා, පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව දැන් ක්‍රියාත්මකයි. පුරන් කුඹුරු අස්වැද්දීමට රජය නව වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ඇත. ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 06 ජනවාරි 2020 20:01

    Latest News