අරුවක්කාඩු - කසල අංගනයට නිසි පරිදි කසල බැහැර නොකරණ බව පවසමින් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රදේශවාසින් පිරිසක් අද (16) දහවල් පුත්තලම නගරයේදී විරෝධතාවයක නිරතවිණි.

විදේශවල සිට ආනයනය කර මෙරට බහලුම් තුළ රඳවා තිබෙන රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කැලිකසල වෙනත් ස්ථාන වලට රැගෙන යාමට හෝ බැහැර කිරීමට අවසර නොදෙන බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ගාල්ල,වැකුණුගොඩ කුණු කන්දේ ඊයේ සවස ගින්නක් හටගැනිණ. මේ වන විට එය මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මාතර, කොටවිල කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අක්‍රිය වීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

Latest News