ගගනගාමීන් ගේන්න මකරෙක් යයි

අගෝ 25, 2024

    මාස දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අතරමංව සිටින ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් 2025 පෙබරවාරි මාසයේදී SpaceX Crew Dragon අභ්‍යවකාශ යානය මගින් නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි.

    ඔවුන් දින අටක මෙහෙයුමක් සඳහා ජුනි 5 වන දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිටත් වූ නමුත් මාස අටක් පමණ කක්ෂයේ ගත කිරීමට දැන් සිදුවී ඇත.

    ඔවුන්ගේ අභ්‍යවකාශ යානය, Boeing's Starliner, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන අතරමගදී හීලියම් කාන්දුවීම් සහ ඇතිවූ තවත් දෝෂ නිසා සැප්තැම්බර් මාසයේදී කාර්ය මණ්ඩලය නොමැතිව යානය පමණක් පෘථිවියට පැමිණෙනු ඇතැයි නාසා ආයතනය පවසයි.

    සැප්තැම්බර් මාසයේදී විල්මෝර් සහ විලියම්ස් සඳහා හිස් ආසන දෙකක් සමග SpaceX Crew Dragon පිටත් වීමට නියමිතයි.

    Latest News