මුල්වරට ගුවනින් බීජ ඉසීමේ ඇරඹේ (විඩියෝ)

දෙසැ 13, 2018
  • දිවයිනේ මුල්වරට ගුවනින් බීජ ඉසීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරේ.

    ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වැඩි කිරීම අරමුණයි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මගපෙන්වීම යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. රටේ ඉදිරි පරපුර වෙනුවෙන් හරිත අනාගතයක් දායද කිරීමේ අපේක්ෂාවෙන් එය ආරම්භ කළ බව, ගුවන් හමුදා මූලස්ථානය පවසයි. ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා පුද්ගලික සමාගමක් සමග අත්වැල් බැඳගෙන සිටී.

    2030 වසර වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමට නියමිතයි. ව්‍යාපෘතිය යටතේ රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 5ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදුකරනු ලැබීය.

    seeds px 900 18 12 13

    seeds51 px 900 18 12 13

    seeds1 px 900 18 12 13

    Last modified on බ්‍රහස්පතින්දා, 13 දෙසැම්බර් 2018 10:48

    Latest News