“රොජර්“ කැන්ගරු මියයයි

දෙසැ 11, 2018

    ඔස්ට්‍රේලියාවේ ඇලිස් කැන්ගරු රක්ෂිතයේ හැදී වැඩුණු 12 හැවිරිදි “රොජර්“ නැමති අයෝමය සිරුරක් හෙබි කැන්ගරුවා මියගොස් තිබේ.


    ශීඝ්‍රයෙන් වැඩුණු රොජර් කැන්ගරු මියයන විට උසින් මීටර් 2ක් හා බරින් කිලෝග්‍රෑම් 89ක් විය.

    “එයාගේ අම්මා පාරේ මැරිල හිටිය වෙලාවේ අම්මාගේ උදර මල්ලේ ඉන්නකොට මම බේරාගන්න කොට එයා පොඩි පැටියෙක්“ යැයි ක්‍රිස් බාන්ස් පැවසීය. ක්‍රිස් බාන්ස් මෙම කැන්ගර් රක්ෂිතය ආරම්භ කර ඇත්තේ රොජර් හදාගැනීමේ අරමුණින්. පසුව රොජර් සමඟ කැන්ගරු ගැහුණු සතුන් 12 දෙනෙකු එක්ව ඇති අතර දැන් රක්ෂිතයේ කැන්ගරුවන් 50කට අධික සංඛ්‍යාවක් සිටින බව ඔහු පවසයි.

    “මුලදී රොජර් සහ මම අතරේ හොඳ බැඳීමක් තිබුණා. ඒත් පසු කාලකෙදී එයා මං දිහා බැලුවේ එයාගේ තරගකාරයෙකු හැටියටයි. එයාට ඕන වුණා මාත් එක්ක සටන් කරන්න යැයි බාන්ස් සඳහන් කළේය. 2015 වසරේ දී රොජර් ලෝකයේ අවධානයට පාත්‍ර වූයේ, සිය අයෝමය බාහු ප්‍රදර්ශනය කරමින් පෙනී සිටි ඡායාරූප කිහිපයක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟයි. ඊට පස්සේ එයා රූපවාහිනියේ වගේම සමාජ ජාලවලත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ හරහා විශාල පිරිසකගේ ආදරයට ලක්විය.

    “දැන් ඉතින් එයා නැහැ. ලෝකයේ බොහෝ දෙනෙකුගෙන් එයාගේ මරණය සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ලැබෙමින් තිබෙනවා“ රොජර් සිය අවසන් කාලයේ දී අතරයිට්ස් සහ දෘෂ්‍යාබාධයකින් පෙළිණි. කැන්ගරුවෙකුගේ උපරිම ජිවිත කාලය වසර 14ක් වන අතර වනාන්තරගතව වෙසෙන කැන්ගරුවන් එවැනි කාලයක් ජීවත් වන්නේ කලාතුරකිනි.

    මහලු කැන්ගරුවන්ට වනාන්තර ඇතුළේ ජීවත් වෙන එක ඉතාම දුෂ්කරයි ක්‍රිස් බාන්ස් බීබීසී පුවත් සේවය සමඟ පැවසීය. “ඔවුන් රෝගී වුණාම කැලෑ බල්ලන් වගේ සත්තු ඔවුන් මරලා ආහාරයට ගන්නවා“ ඔහු පැවසුවේ රක්ෂිත භූමියේ ම රොජර් වළ දැමූ අතර එහෙයින් “එයා තාමත් මෙහිම ජීවන් වන බවය“.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 11 දෙසැම්බර් 2018 20:36

    Latest News