ජෝති සමුගෙන වසර 32ක්

ජූලි 07, 2019

    ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ නොමියන මෙහෙවරක් ඉටු කළ එච්.ආර්.ජෝතිපාලයන් දැයෙන් සමුගෙන අදට (07) වසර 32ක් සපිරේ.

    ඔහුගේ අභාවයෙන් පසු මෙරට චිත්‍රපට පසුබිම් ගීත ගායනය සඳහා මෙතෙක් අනුප්‍රාප්තිකයෙකු බිහිව නොතිබීම ද විශේෂත්වයක්.

    හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජොතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල මොලොව එළිය දුටුවේ 1936 වසරේ පෙබරවාරි 12 වැනි දිනයි. කුඩා කළ සිටම ගීත ගායනයට දැඩි ඇල්මක් දැක්වූ ජෝතිපාලයන් සිරියාමේ සාරා ගීතයත් සමඟින් සංගීත ක්ෂේත්‍රය දික්විජය කළේය. එදා-මෙදා තුර ගීත දස දහසක් පමණ ඔහු විසින් ගායනා කරනු ලැබ තිබේ. ජෝතිපාලයන් අද ජීවත්ව සිටියා නම් වයස අවුරුදු 83ක්. 1987 ජුලි 7 අද වැනි දිනක කතරගම ගම්උදා භූමියේ ගීත ගායනයක යෙදී සිටින අතරතුර ඇතිවූ හෘදයාබාධයකින් ජෝතිපාලයන් දැයෙන් සමුගත්තා. ඔහුගේ අවසන් කටයුතු සඳහා වාර්තාගත ජන ගඟක් එක්ව සිටියේ, ඔහු විසින් ගොඩනඟා තිබූ ජනප්‍රියභාවය මොනවට සඳහන් කරමින්.

    Latest News