රූපවාහිනියට 25 දා සිට "ඉඩෝර වැස්ස"

ඔක් 17, 2018

    ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කළ ”ඉඩෝර වැස්ස” ටෙලි නාට්‍යය මෙම සෙ 25 වැනිදා සිට සතියේ දිනවල රාතී‍්‍ර 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය.

    ජනක් පේ‍්‍රමලාල්ල මාදනී මල්වත්තගේල රොෂාන් පිලපිටියල විශ්වලංකාල මහේන්ද්‍ර වීරරත්නල හර්ෂණ බෙත්මගේල රශි ප‍්‍රභා සන්දීපනී හා ශාලිකා එදිරිසිංහ ඇතුළු නළු නිළියන් රඟපාන "ඉඩෝර වැස්ස" නිෂ්පාදනය ලසිත යසකුල ගුණසේනගේ වන අතර පිටපත රචනා කර ඇත්තේ සමන්ත කුමාර ගමගේය.

    වියළි කලාපයේ ඈත පිටිසර ගම්මානයක සාමාන්‍ය චරිත කීපයක් ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයාගේ නීති විරෝධි කටයුතු හේතුවෙන් පීඩාවට පත්වන ආකාරයත් අදිසි මරණයක් මුල්කරගත් සිද්ධිමාලාවක් සහ එය අනාවරණය කර ගැනීමේ කි‍්‍රයාවලියත් එම සිද්ධි හරහා ගොඩනැගෙන පේ‍්‍රම සබඳතාවක් සමාන්තරව විකාශය වන මෙම ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියේ වැඩ සටහන් නව්‍යකරණය යටතේ හඳුන්වා දී ඇති නවතම නිර්මාණයකි.

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:16

    Latest News