ජනපතිට අපහස වන අන්දමේ සහ රාජ්‍ය විරෝධි වචන, ජාතික සමගියට බාදා වන අන්දමින් මුද්‍රණය කල පත්‍රීකා 600 ක් තැපැල් කිරිමට මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි පුද්ගලයින් 03 ක් කොටුව පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන තිබේ.
ඉස්ලාමීය ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන් හෂීම්ගේ වැඩිමල් සහෝදරිය ඊයේ සවස මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය විසිහයවන දින සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවේරියන් සුනාමි ගම්මානයේ නිවසක සැගවි සිට බෝම්බ පුරරවා ගනිමින් මිය ගිය ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දහසය දෙනෙකුගේ සිරිරු අද අම්පාර සුසාන භුමියේ මිහිදන් කෙරේ.
සෑම පාසලකම ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට සියලු ආරක්ෂක අංශයන් හි පැහැදිලි එකඟතාවයකින් පසු 06 වැනිදා පාසල් සියල්ල නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් ඉන්සාෆ් අහමඩ්ගේ මවගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාව සිදු කරන ලෙස අධිකරණය නියෝග කරයි.
කොළඹ කිංස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් අසාම්ගේ දියණියගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාව සිදු කරන ලෙස අධිකරණය නියෝග කරයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ.