"ස්ටීව්" සම්මාන උළෙලේ දී සුසන්ත ශාන් හැළඹ සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

ඔක් 26, 2019

    ලොවපුරා ව්‍යාපාරිකයන් ඇගයෙන ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික සම්මාන උළෙල වන අමෙරිකා ‘ස්ටීව්’ ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී සුසන්ත ශාන් හැළඹ මහතා සම්මනා ත්‍රිත්වයකින් පිදුම් ලැබුවේය.

    උළෙල 17වැනි වරටත් පසුගියදා (19) උත්කර්ෂවත් අන්දමින් ඔස්ට්‍රියාවේ වියානාහි Hyatt හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

    2019 ‘ස්ටීව්’ සම්මාන උළෙලේදී ප්‍රමුඛතම සම්මානය වන "වසරේ විධායකය" (නිෂ්පාදන - යාවත්කාලීන කෘෂිකර්මාන්තය) ලෙස ඇමරිකාවේ සෙහින්ස්ලින්ක් ඉන්ටනැෂනල් ඉන්කෝපරේෂන් සහ ශ්‍රී ලංකාවේ රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක අධ්‍යෂක වන සුසන්ත ශාන් හැළඹ මහතා රන් සම්මානයෙන් ඇගයීමට ලක්විය.

    ස්ටීව් ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී මෙම රන් සම්මානයට අමතරව “ වසරේ ව්‍යවසායක" (නිෂ්පාදන - යාවත්කාලීන කෘෂිකර්මාන්තය) ලෝකඩ සම්මානයෙන්ද සුසන්ත ශාන් හැළඹ මහතා පිදුම් ලැබූ අතර “වසරේ සමාගම" (නිෂ්පාදන - යාවත්කාලීන කෘෂිකර්මාන්තය) ලෝකඩ පදක්කම දිනා ගැනීමටද ශාන් සුසන්ත හැලඹගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සෙහින්ස්ලින්ක් සහ රියෝකොකෝ සමාගම් සමත්වීම සුවිශේෂී කරුණකි.

    අමෙරිකානු ස්ටීව් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලත් පළමු හා එකම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා වන සුසන්ත ශාන් හැලඹ මහතා 2015 හා 2019 වසර ද්විත්වයේම වසරේ විධායකය ලෙස දෙවරක් රන් සම්මානයට පත්වීම ද මෙම සම්මාන උළෙලේ වාර්තාවකි. ඇමරිකානු ස්ටීව් ජාත්‍යන්තර සම්මාන උළෙල සඳහා ලොවපුරා රටවල් 74කින් 4000කට අධික ව්‍යාපාරිකයන් පිරිසක් තරග වැදුණු අතර 250ක විනිසුරු මඬුල්ලක් විසින් ජයග්‍රාහකයන් තෝරා ගැනීම මෙම සම්මාන උළෙලේ විශේෂ කරුණකි.

    මෙවැනි තරගකාරී ඉසව්වක් ලොව බලවත් රටවල් පරදා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් විසින් වසරේ විධායකය රන් සම්මානය දිනා ගැනීමත් ශ්‍රී ලාංකික සමාගම් ද්විත්වයක් ජාත්‍යන්තයේ ඉහළම ඇගයීමට ලක්වීමත් ශ්‍රී ලාංකික සැමට ආඩම්බර විය හැකි අවස්තාවක් වීම අවිවාදිත කරුණකි.

    ජාත්‍යන්තර ස්ටීව් සම්මාන උළෙලේ සංවිධායක කමිටුවේ සභාපති හා විධායක නිලධාරී මයිකල් ගැලරි හා ලෝ ප්‍රකට එංගලන්ත ජාතික රංගන හා හඬකැවීම් ශිල්පී සය්මන් රෙල්ෆ් මහත්වරු විසින් සුසන්ත ශාන් මහතාට හා එම සමාගම් වෙත හිමි සම්මාන ප්‍රඳානය කරන ලැබුණි.

    මෙහිදී විනිසුරුවන් විසින් සුසන්ත ශාන් හැළඹ මහතා හා සේහින්ස්ලින්ක් ඉන්කෝපරේෂන් සමාගම් අගය කරමින් තම අදහස් මෙසේ පලකරන ලදී.

    “ ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු පමණක් නොව අන්‍යන්ට අතදීම, ලොවපුරා බලපෑම් ඇතිකරන්නෙකු වීම, ලොවපුරා රජයන් විසින් ඔහු සොයා එන ආකාරයේ නිදර්ශනයන් ඉදිරිපත් කිරීම තුළඔහු ඔහුගේ සාර්ථකත්වය අනුපිටපත් කරන්නෙක්. එමගින් ඔහු අන්අයට තමන්ගේ සාර්ථකත්වය වර්ධනය කරගත හැක්කේ කෙසේදැයි හඳුන්වා දෙනවා. ඔහුගේ ඉහළ නිර්මාණශීලිත්වය මනුෂත්වයට වටිනාකමක් ගෙනඒමට නිරන්තරව කැපවෙනවා.ඔහුගේ ඉදිරිදැක්ම බොහෝ නායකයන් කිරීමට අසමත්වන දේ කරනවා. ඔහු ක්‍රියාකාරීයි.
    සුසන්ත ශාන් හැලඹගේ මහතා ගෝලීය වෙළඳපොළ සමග තරග වදින්නේ ලෝකය පෝෂණය කිරීමට උපකාරීවන නව උත්පාදන සමගයි. එය මානව සංහතියේ පැවැත්මට විශාල දායකත්වයක්. ඒ අතරම පුළුල් පරාසයක රෝගාබාධවලින් වේදනා සහනයක් ලබාදීම සඳහා නැගීඑන වෙළඳපොළට තම අත්දැකීම් සහ කුසලතා යොදා ගනිමින් නව අලෙවිකරණ අවස්ථා හඳුනා ගැනීමට හා වැළඳ ගැනීමට අවශ්‍ය ව්‍යවසායක ශක්තිය ඔහු සතුව ඇති බව සනාථ කරයි.


    මෙකී සියලු කරුණවලින් පෙනී යන්නේ ඔහු සිය සමාගම තුළින් නව යුගයකට සිය නිෂ්පාදන මෙහෙයවන බවයි. මීට වසර 15කට පෙර දෙදෙනෙකුගෙන් ඇරඹි ඔහුගේ සමාගම වර්තමානයේදී ලොවපුරා ස්ථාපිත ව්‍යාපාරික ජාලයක් බවට පත්ව තිබෙනවා. ඒ උදෙසා නවෝත්පාදන සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට සහ සමාගමට ප්‍රසංසා කර සිටිනවා. ”
    ලොවපුරා රටවල් 52කට වැඩි ගණනට යාවත්කාලීන කෘෂිකර්මාන්තය වෙනුවෙන් පොල් ලෙල්ල ජාත්‍යන්තරකරණය කළ සුසන්ත ශාන් හැලඹ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සේහින්ස්ලින්ක් ඉන්ටර්නැෂනල් ඉන්කෝපරේෂන් සහ රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගම ලොව විශාල හරිතාගාර, උද්‍යාන විද්‍යාව, සිරස් ගොවිතැන, ගෘහස්ත ගෙවතු වගාව, විසිතුරු මල් වගාව, භූමි අලංකරණය හා පාංශු ඛාදනය පාලනය කිරීම උදෙසා ජාත්‍යන්තර වෙළඳපොළට 'RIOCOCO' සන්නාමය යටතේ පොල්ලෙලි කැබලි, කොහුබත් හා කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරනු ලබයි. නූතන තාක්ෂණයෙන් උසස් තත්ත්වයේ කාබනික අමුද්‍රව්‍යවලින් පමණක් නිපදවන 'RIOCOCO' නිෂ්පාදන ගුණාත්මක බවින් අංක 1 නිෂ්පාදන බවට ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනාගත් දේශීය සමාගමකි.

    ජාත්‍යන්තර ස්ටීව් සම්මානයෙන් පිදුම් ලැබූ සුසන්ත ශාන් මහතා සිය ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් පලකරනු ලැබුවේ මෙලෙසිනි.

    “ඉහලම තත්ත්වයේ පොල් ලෙලි කැබලි, කොහුබත්, කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන තුළින් රියෝකොකෝ හා සේහින්ස්ලින්ක් සමාගම් තිරසාර මානව පැවැත්ම සහ හරිත පරිසරයක් උදෙසා අපගේ කැපවීම ජාත්‍යන්තරය ප්‍රජාව විසින් පිළිගෙන ඇතිබව අප ලැබූ මෙම ඇගයීම තුළින් මනාව ප්‍රකට කරනු ලබනවා. මෙම ජයග්‍රහණය අපගේ සේවකයන්, සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් වෙත කැපකරනවා. එසේම මෙම සම්මානය දේශීයව හා විදේශීයව අප හා සේවය කරන සියලු කාර්යමණ්ඩලය විසින් දක්වන ලද වෙහෙස හා කැපවීම පිළිබඳ සාක්ෂියක් හා මෙරට කාර්ය මණ්ඩලය උරෙන් උර ගැටී මාගේ දර්ශනය මත පිහිටා කටයුතු කරමින් සිදුකළ මහඟු කැපවීමට ජාත්‍යන්තරයෙන් ලැබුණු රන් තිළිණයක්.
    අප සාර්කත්වයට පැමිණ ඇති බව අප හොඳින් දැන සිටියද අපි අඛණ්ඩව යාවත්කාලීන කෘෂිකර්මාන්තයේ කොටස්කරුවෙකු වෙමින් ලෝක වෙළඳපොළට අවශ්‍ය නවෝතපාදන වැවුම් මාධ්‍ය ලබාදෙමින් නව්‍යකරණ වෙළදපොළේ වාසියද ලබාගනිමින් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට කටයුතු කරනවා”

    සුසන්ත ශාන් හැලඹ මහතා හා ඔහුගේ සමාගම මීට පෙරද දෙස් විදෙස් සම්මාන රැසකින් පිඳුම් ලැබ තිබේ. ඒ අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ ඩලස්හි ග්‍රේටර් ඩලස් ආසියානු - ඇමරිකානු වාණිජ මණ්ඩලයේ “වසරේ අන්තර්ජාතික ව්‍යාපාරික සම්මානය”, ටෙක්සාස් ආණ්ඩුකාරයාගේ“ ව්‍යාපාරික ශූරයා සම්මානය”, ඩලස් ව්‍යාපාරික සඟරාව විසින් පිරිනමන “සුළුපරිමාන ව්‍යාපාරික නායක සම්මානය” සහ “අතිවිශිෂ්ට කාර්යය සාධනය සඳහා වූ තරුණ වෘත්තීය සම්මානය සේම පසුගිය 11දා ඩලස්හි පැවති ව්‍යාපාරික සම්මාන උළෙලකදී “වසරේ හොඳම ව්‍යාපාරය” ලෙස සේහින්ස්ලින්ක් සමාගම කිරුළු පළදිනු ලැබීය

    ශ්‍රී ලංකාව තුළ කිසිදු වටිනාකමකින් තොරව ඉවත දමන පොල්ලෙල්ලට අපමණ අගයක් එක් කරමින් ලංකාවේ පොල් ලෙල්ල ජාත්‍යන්තරකරණය කිරීමේ සුසන්ත ශාන් හැලඹ මහතා සිදුකරන ක්‍රියාන්විතයට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සැපයුම්කරුවන් ජාලයක් සිය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය මෙය බවට පත්කරගනිමින් තම දායකත්වය මේ වෙනුවෙන් සපයයි.
    ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය වැනි රටවල තරගකාරී නිෂ්පාදන සමගින් රියෝකොකෝ ලොව වඩාත්ම පිළිගත් හයිඩ්‍රොපොනික් හරිතාගාර වැවුම් මාධ්‍ය සන්නාමය ලෙස පිළිගැනීමට ලක්ව තිබේ. ඒ තුළ ශ්‍රී ලංකාව ලෝක වෙළඳපොළේ කාබනික වැවුම් මාධ්‍ය තුළ ප්‍රධාන ප්‍රභවය බවට පත්ව ඇත.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 16:04

    Latest News