රුපියල තවදුරටත් ශක්තිමත්

ඔක් 11, 2019

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත්වී තිබේ.


    ඊයේ දිනයේ දී මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව, ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 180.85 ක් ලෙසයි.

    ඉකුත් සතියේ එය සටහන් වූයේ 183.55 ක් ලෙසය.

    ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනය සිකුරාදා නිකුත් කරමින් කියා සිටියේ දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙළඳපොලේ වර්තමාන හා අපේක්ෂිත කොන්දේසි සැලකිල්ලට ගනිමින් වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

    ඒ අනුව මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) සහ ස්ථාවර ණය දීමේ පහසුකම් අනුපාතය (SLFR) පිළිවෙලින් සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස පවතිනු ඇති.

    Latest News