එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලෙසින් නව ලොතරැයියක්

ඔක් 30, 2019

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය පිණිස ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් අද (30) දියත් කෙරිණ.

    බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනුම් අදින අතර ප්‍රථම ත්‍යාගය වශයෙන් රුපියල් කෝටි 8 ක් ප්‍රදානය කෙරේ.

    මංගල ලොතරැයි පත අද (30) ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මුදල් අමාත්‍යාංශයේදි පිළිගැන්විණි.

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන ආදායම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත බැර කරනු ලැබේ.

    lottery1 px 900 19 10 30

    Latest News