SML Frontier Automotive - Access Motors ලෙස නාම ගැන්වෙයි

ඔක් 07, 2019

    සිය මව් ආයතනය වන Access සමූහ ව්‍යපාරයට අයත් සමාගමක් වන SML Frontier Automotive සමාගම Access Motors ලෙස නාම ගැන්වෙයි.

    මෙම නාමය ප්‍රසිද්ධියට පත්කිරීමේ සමාරම්භක අවස්ථාවට සමූහයේ සභාපති සුමල් පෙරේරා, කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ දර්ශන මුණසිංහ, අධ්‍යක්ෂ අයේෂ් ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරී රවී පෙරේරා යන මහත්වරුන් සහභාගී විය. ශ‍්‍රී ලංකාවේ ජගුවර් ලෑන්ඞ් රෝවර් අලෙවි කිරීමේ එකම නියෝජිතයා ලෙස Access Motors ක‍්‍රියා කරයි.

    වසර 16ක් පුරා ශ‍්‍රී ලංකාවේ ලෑන්ඩ් රෝවර් සම්මානය අලෙවි කිරීමේ එකම අලෙවි නියෝජිතයා ලෙස ජනාදරයට පත්වූ Access Motors ආයතනය 2016 වසරේදී ජගුවර් මෝටර් රථ අලෙවි නියෝජිතයා ලෙස ද ක‍්‍රියාත්මක වේ.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 18:25

    Latest News