දිල්ලි හා කොළඹ අතර ගුවන් ගමන් යළිත්

ජූනි 10, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව නවතා දැමුණු අමතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට, එයාර් ඉන්දියා ගුවන් සේවය තීරණය කර තිබේ.

    ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා ඊයේ මේ බව නිවේදනය කළේය. දිල්ලි හා කොළඹ අතර මෙම අමතර ගුවන් ගමන් ක්‍රියාත්මකයි. එය ලබන ජුලි 15 වැනිදා සිට යළි ආරම්භ කෙරෙනු ඇති. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සුහදත්වය මෙන්ම, ශ්‍රී ලාංකීය ජනතාවට සහයෝගීතාව පළ කිරීමක් ලෙස ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගැණින. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව දෙරට අතර හොඳ හිත වර්ධනය කිරීමේ පියවරක් ලෙසයි, මෙම තීරණයට එළඹ ඇත්තේ.

    Last modified on සදුදා, 10 ජූනි 2019 19:11

    Latest News