ෂැන්ග්‍රි-ලා අද සිට යළි විවෘතයි

ජූනි 12, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අද (12) සිට නැවත විවෘත වේ.

    ඒ අනුව අද පස්වරු 06.00 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය පවසයි.


    පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංස්බරි, සිනමන් ලේක් සයිඩ් හා ෂැන්ග්‍රි-ලා හෝටල් තුනට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. කිංස්බරි හා සිනමන් හෝටල් දෙක මීට පෙර නැවත විවෘත කෙරුණු අතර ෂැන්ග්‍රි-ලා හෝටලය විවෘත කිරීම ප්‍රමාද කෙරිණි.

    හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමට ද වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ෂැන්ග්‍රි-ලා හෝටලේ සංනිවේදන ඒකකය පවසයි.    

    එහි නවීන නවාතැන් පහසුකම් සහිත සුඛෝපභෝගී කාමර 500 ක් සහ සේවා සපයන නිවාස 41 කින් සමන්විතවේ. සිය පරිභෝගිකයින්ට විශිෂ්ට ආහාර පාන වලින් සංග්‍රා කෙරෙන මෙරට ප්‍රමුඛතම තරු පන්තියේ හෝටලයක්වේ.

    images

    shengi1

    hotel

    Shangri La hotel Colombo receives global accolade travel voice

    images

    Table One Seating Area

    තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක තහනම ඉවත් කරයි.......

    මේ අතර පාස්කු ඉරිදා දින මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. සංවිට්සර්ලන්තය, ජර්මනිය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය සිය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ පැවැති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ලෝකයේ රටවල් රැසක් සිය රටවල පුරවැසියන් වෙත නිවේදන නිකුත් කර තිබිණ. මේ වන විට රටේ පවතින යහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙලෙස සංචාරයට කිසිඳු බාධාවක් නොමැති බවත් සංචාරයට හිතකර වාතාවරණයක් පවතින බවත් සඳහන් කරමින් එම තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.

    ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනීය රටක් බව සනාථ කරමින් ලොව හොඳම සංචාරක ගමනාන්තය 'සංචාරයට අනර්ඝතම' අංක එකේ රට ලෙස මේ වසරේ මුල් භාගයේ දී ලෝකයේ ජනප්‍රියම හා සංචාරකයින්ගේ වැඩිම ඉල්ලුමක් සහිත ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන 'ලෝන්ලි ප්ලැනට්' ප්‍රකාශයට පත්කරන ලදී. 

    2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්වූ  එම මේ තත්ත්වය යළි අත්කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව දැනටමත් සැලසුම් සකස් කර තිබේ

    Last modified on බදාදා, 12 ජූනි 2019 11:25

    Latest News