පතලේ හෝටලේ

අගෝ 15, 2023

    බෝගල මිනිරන් පතල මලලසේකර පතල ලෙසින් පසුගියදා නම් කෙරුණා.

    ඒ, වසර 23  කට ආසන්න කාලයක් එහි සභාපති ධුර‍ය දැරූ අභාවප්‍රාප්ත විජේපාල මලලසේකර මහතාගේ 78 වැනි ජන්ම  දිනය සමරමින්.

    බෝගල මිනිරන් පතලට ඇත්තේ, වසර 150 ක පමණ ඉතිහාසයක්. එහි මිනිරන් අපනයනයෙන් මේ වන විට මෙරටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා  ගැනීමට හැකිවී  තිබෙනවා.

    මලලසේකර මහතාගේ නායකත්වය, මිනිරන් පතල සාර්ථකව මේ දක්වා පවත්වා ගැනීමට හේතු වුණා. මේ වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයක් ද එහි පැවැත්වුණා. මලලසේකර මහතාගේ පවුලේ සාමාජිකයන් සහ වත්මන් පතලේ කළමනාකරුවන් ඇතුළු පිරිසක් මීට සහභාගී වුණා.

    පතල තුළ ඉදිකෙරුණු එකවර 15 දෙනෙකුට ආහාර අනුභව කළ හැකි ආපනශාලාවක් ද මෙහිදී විවෘත කෙරුණා. එය, පොළොව මට්ටමේ සිට මීටර 175 ක් ගැඹුරින් ස්ථාපිත කර තිබෙනවා.

    Latest News