"ලෝක විනාශ ඔරලෝසුව" හරි පුදුමයි

ජන 24, 2024
    න්යෂ්ටික ව්යසනයකින් ලෝකය විනාශ වීමේ අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින බව විද්යාඥයන් පෙන්වා දෙනවා.

    එය සංකේතවත් කරන ''ලෝක විනාශ ඔරලෝසුව'' නැමති සංකේතයේ වේලාව පසුගිය වසරේ පැවති ආකාරයෙන්ම පවත්වා ගනිමින් එම අවදානම ලෝකයට අවබෝධ කර දීමට විද්යාඥයන් තීරණය කර තිබෙනවා.

    මෙම අවදානම ඉහළට ගෙන ආවේ යුක්රේන යුද්ධයේ ආරම්භයත් සමගයි.
     
    මිනිසා න්යෂ්ටික අවි භාවිතය ඇරඹූ දින සිටම එහි අවදානම ගැන ලෝකය දැනුවත් කිරීමට විද්වත් ප්රජාවේ අවධානය යොමුව තිබුණා.
     
    1947 වසරේදී ''ඩූම්ස් ඩේ ක්ලොක්'' හෙවත් ලෝක විනාශ ඔරලෝසුව නැමති සංකේතය හඳුන්වා දුන්නේ, එම අවදානම මූර්තිමත් කරන අවස්ථාවක් ලෙසයි.
     
    ඒ අනුව, විවිධ කාල වකවානුවල න්යෂ්ටික යුද්ධයක අවදානම ලෝකය තුළ ඉහළ යද්දී, ලෝක විනාශ ඔරලෝසුවේ කාලය විද්යාඥයන් විසින් සංශෝධනය කරනු ලබනවා.
    ලෝක විනාශය සංකේතවත් වන්නේ, ඔරලෝසුවේ වේලාව මධ්යම රාත්රිය හෙවත්, දොළහේ කනිසමට පැමිණි අවස්ථාවේදී.
     
    මේ වසර තුළදීද පසුගිය වසරේ මෙන්ම, ලෝක විනාශයට අගයට තත්පර 90 ක් දුරින් වේලාව සකසා තැබීමට විද්යාඥයන් තීරණය කර තිබෙනවා.
     
    යුක්රේන - රුසියා යුද්ධය, පමණක් නොව, නව න්යෂ්ටික අවි තරඟයක තර්ජනය, සහ දේශගුණික විපර්යාස යන සියලු සාධක මෙහිදී සලකා බැලෙනවා. පරමාණුක විද්යාඥයින්ගේ බුලටින මගින් වාර්ෂිකව ඔරලෝසුවේ වේලාව සකසනු ලබනවා.
     
    2007 වසරේ සිට මෙහි වේලාව සකස් කිරීමේදී එහි, සාමාජිකයින් විසින් න්යෂ්ටික ක්රියාකාරකම් වලට අමතරව කෘත්රීම බුද්ධිය සහ දේශගුණික විපර්යාස වැනි නව මිනිසා විසින් සාදන ලද අවදානම් වල බලපෑම ද සලකා බලනු ලබනවා.
     
    1991 වසරේදී නිරවි යුද සමය නිමාවීමත් සමග එහි වේලාව මධ්යම රාත්රියට විනාඩි 17 ක් දක්වා දීර්ඝ කිරීමට විද්යාඥයන් පියවර ගත්තා. එය මෙතෙක් එහි පැවති යහපත්ම අගයයි.

    Latest News