මොරොක්කෝ භූකම්පනයෙන් මිය ගිය ගණන 1000 ඉක්මවයි

සැප් 10, 2023

    මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ඒකක 6.8 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව දහස ඉක්මවා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.

    අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි එහි කේන්ද්‍රය මරාච් සිට කිලෝ මීටර් 71 ක් (සැතපුම් 44) පමණ නිරිත දිගින් පිහිටි හයි ඇට්ලස් කඳුකරයේ කිලෝ මීටර් 18.5 ක් පමණ ගැඹුරින් පිහිටා ඇත.

    භූ කම්පනය එරට වේලාවෙන් සිකුරාදා රාත්‍රී 11:11 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා අලුයම 3.41ට පමණ) හටගෙන තිබේ. ඉන් මිනිත්තු 19 කට පසුව ඒකක 4.9 ක විශාලත්වයෙන් යුතු පසු කම්පනයක් ද හට ගෙන ඇත.

    මරකේෂ් සහ දකුණු දිග ප්‍රදේශ කිහිපයක ජනයා එමගින් මිය ගොස් ඇත.
    විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනෙක් ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව විසූ බව විශ්වාස කෙරේ.

    අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ලැහැවුස්,මරාච්, ක්වාර්සාසෙට්, ඇසිලැල්, ෂිශාවා සහ තෙරුදෙන්ත් යන පළාත්වල සහ නාගරාශ්‍රිතව ජීවත් වූ පුද්ගලයින් භූ කම්පනයෙන් මිය ගොස් ඇත. පුද්ගලයින් 329 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

    Latest News