නජීබ් රසාක්ට වසර 12ක සිර දඩුවම්

අගෝ 24, 2022

    මැලේසියාවේ හිටපු අගමැති "නජීබ් රසාක්" ට වසර 12 ක සිර දඩුවම් නියම වී තිබෙනවා. ඒ, ඊට අදාළ අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

    69 හැවිරිදි වියෙහි පසු වන "‍නජීබ් රසාක්" 2009 වසරේ මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු  කළා. රජයේ සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 9.4 ක මූල්‍ය වංචාවක් කළ බවටයි, ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

    ඊට අදාළ නඩු විභාගයේ දී ඔහු වරදකරු බවට තීරණය කර වසර 12ක සිර දඩුවම් නියම කරනු ලැබුවේ, ඉකුත් 2020 වසරේ ජුලි මාසයේ දී.

    කෙසේ වුවද, ඉදිරිපත් කළ අභියාචනය නිසා ඔහු ඇප මත නිදහස්ව සිටියා. තවදුරටත් තම දඩුවම ප්‍රමාද කරන ලෙස "රසාක්" ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

    එය  ප්‍රතික්ෂේප වීමත් සමගයි, ඔහුගේ වසර 12 ක සිර දඩුවම අද සිට ආරම්භ වන්නේ. කෙසේ වුවද, තවදුරටත් ඔහු, සිය චෝදනා  ප්‍රතික්ෂේප කරමින් සිටීම කැපී පෙනෙන සිද්ධියක්. මෙම නඩු තීන්දුවත් සමග  සිර දඩුවම් නියම කෙරුණු එරට පළමු අගමැතිවරයා ලෙස "නජීබ් රසාක්" ඉතිහාසයට එක් වන බව, විදෙස් වාර්තා වල සඳහන්.     

    Latest News