ඊසානදිග චීනයේ පැරණි කාර්මික කලාපයේ පුනර්ජීවනය කෙරෙහි චීන ජනපතිගේ අවධානය...

අගෝ 17, 2022

    ඊසානදිග චීනයේ පැරණි කාර්මික කලාපයේ පුනර්ජීවනය කෙරෙහි චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අවධානය යොමුවෙයි. 

    ජනාධිපතිවරයා ඊයේ(16) සවස Liaoning පළාතේ Jinzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. Donghu වනෝද්‍යානයට පැමිණි හෙතෙම එහි සංචාරකයන් සමග පිළිසඳරකට එක්විය. චීන කොමියුනිස්ට් පක්ෂය ඊසානදිග ප්‍රදේශයේ පුනර්ජීවන උපායමාර්ගය පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඇතැයි ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.  

    මේ අතර, Jinzhou නගරයේ Xiaoling හා Nu’er ගංගාවන්හි ගංවතුර පාලනය කිරීමේ තත්ත්වය ද හෙතෙම නිරීක්ෂණය කළේය. ආපදාවලින් විපතට පත් ජනතාව ප්‍රශස්ත අයුරින් නගාසිටුවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. පශ්චාත් ආපදා සංවර්ධන සැලැස්ම නිසිලෙස ක්‍රියාවට නංවන ලෙස ද ෂී ජින්පිං මහතා උපදෙස් දී ඇත.

     

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට.....

    Latest News