ප්‍රංශයේ සුනඛයෙකුටත් “වඳුරු උණ” ...

අගෝ 17, 2022

    ප්‍රංශයේ සුනඛයෙකුට “මන්කි‍  පොක්ස්” හෙවත් “වඳුරු උණ” ආසාදනය වී  තිබෙනවා. 

    සුනඛයෙකුට වඳුරු උණ ආසාදනය වී ඇති බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.  ලොව රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින වඳුරු උණ පිළිබඳව සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබෙනවා. මෙතෙක් මිනිසුන් අතරේ ව්‍යාප්තිය සිදු වූ වඳුරු උණ සුනඛයෙකුට ආසාදනය වීම, පවතින අවදානම් තත්වය තවදුරටත් දැඩි කරන කරුණක්. මෙම වඳුරු උණ ආසාදිත සුනඛයාගේ හිමිකරුට එම රෝගය තිබූ බව, ප්‍රංශ සෞඛය අංශ පවසනවා. සුනඛයාගෙන් මෙම වෛරසය විකෘතිකරණය වී යළි මිනිසුන්ට ආසාදනයවේද, නැද්ද යන්න පිළිබඳ පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    Latest News